රැයක් එලි වී සිතත් නෑ නිදි
පියුම් පිපිලා හැඟුම් පීදි
බලා හිඳි දින මෙහෙම එද්දි
ඉවසුමක් නෑ දකින තුරු නදී
පලමු වරටම ඇය දකිද්දි
දැනුනා සතුටක් හිත පිරෙද්දි
නුවර ලස්සන කෙල්ලෝ ඉද්දි
දින්නේ කොහොම ද හද මගේ නදී
දිනක එක් වී අපි පිය නගද්දි
සිනාසෙමු වගේ පලමු හමු වෙදි
තුටින් පිරි සිත් ගොඩක් මැද්දෙදි
අපේ වෙමු අපි සොඳුරු නැකෙතෙ දි