Sunday, March 16, 2025

මොන මගුලක් ද මන්දා


කාලෙකින් පොතක් ගැන මොකුත් කතා බහක් කරේ නැති නිසා මේ පාර ඔන්න ලස්සන පොතක් ගැන කතා කරන්න හිතුනා. මේ පොත ඉතිං මගේ බුක් කලෙක්ෂන් එකේ තියන මං ආසම පොතක්. හැබැයි මේක මං කියෙව්වේ නම් ටික කාලෙකට කලින්, එත් ඉතිං මගේ වචනෙන් කියනව නම් අද කාලේ රොමැන්ටි මූවී වලට වඩා මේ පොත නම් මට පට්ට ආතල්.(ඔයාලගේ ඩික්ෂනරි එකේ ආතල් කියන වචනේ නරක වචනයක් නම් මට සමාවෙන්න ඕනේ!)

පොතේ නම "මොන මගුලක් ද මන්දා". මේක ඇත්තම කිව්වොත් පරිවර්තනයක්. මේකේ ඔරිජිනල් පොතේ නම "2 STATES", චේතන් භගත් තමා ලියල තියෙන්නේ. චේතන් ඉන්දියාවේ පාඨකයන් අතර නම් හරිම පොපුලර්, මොකද කියනව නම් එයා ලියපු සමහර පොත් වලින් ඉන්දියාවේ ෆිල්ම්ස් පවා හැදුනා. 'ත්‍රී ඉඩියට්ස්' කියන ෆිල්ම් එක මතක ඇති ගොඩක් දෙනෙක්ට. චේතන් ලිව්ව 'Five Point Someone' කියන පොත තමා ඒ ෆිල්ම් එක හදන්න මූලික වුන කතාව.

අපිට ඉතිං මේ පොත ලස්සනට පරිවර්තනය කරල ඉදිර්පත් කරේ දිලීප ජයකොඩි මහත්මයා තමා. එතුමාගේ පරිවර්ත නම් හරිම අනර්ඝයි. මොකද මං එහෙම කියන්නේ එතුමාගේ සෑහෙන පොත් තොගයක් කියවල තියන නිසා. මට හිතෙන විදියට එතුමාගේ පරිවර්තන ගොඩක් ජනපිය වෙන්න හේතුව, දිලීප මහත්මයා හරි සරල සිංහල භාෂාවෙන් මේවා ඉදිරිපත් කරන නිසා වෙන්න ඕනේ. ඉතිං එතුමාට ගොඩක් ස්තුතීවන්ත වෙන්න ඕනේ මේ වගේ පොත් අපි ලගට බොහෝම රස කරල ගේනවට.

"මොන මගුලක් ද මන්දා" පොතේ තියෙන්නේ නම් චේතන්ගේ ආදර කතාව, පොතේ හැටියට නම් ඉතිං ක්‍රිෂ් සහ අනන්‍යා. මේක කියෙව්වට පස්සේ තමා තෙරෙන්නේ කොල්ලෝ කොච්චර කට්ටක් කනව ද ආදරේ හින්දා කියලා. හැබැයි ඉතිං හරිම රසවත් එක හුස්මට කියවන්න පුලුවන් කතාවක්. මේක කියෙව්වට පස්සේ නම් හිතුනේ අපේයි ඉන්දියාවෙයි ලොකු වෙනසක් නම් නෑ කසාද වලදි නම් කියලා.

මීට වඩා පොත ගැන කිව්වොත් ඔයාලට කියවන්න දෙයක් නැති වෙනවා. ඒ හින්දා ඔයාලට මේක කියවල බලලම අදහසක් ගන්න පුලුවන් ආදරයයි කසාදයයි ගැන. ඉතිං තාම මේ පොත කියවල නැත්තං කියවල බලන්න, ආස හිතෙයි...!

සිත්ගත් ලිපි