මදක් රළු මේ පාලු මාවතේ
පහන් කනුවක් වෙමි ඔබේ අවසරෙන්
ඉතින් අපි පිය නගමු අදරෙන්
කඳුළු පිස දා හීන් සීරුවෙන්...
සොඳුරු දසුනකි ඔබ මේ මාවතේ
විඩා බර නෙත් සතපවා සුවයෙන්
පෑවා සෙනහස මවක් විලසින්
තුරුලට ගෙන ලයේ උණුහුමින්...
දුක් කම්කටොලු පිරි මේ මාවතේ
සවිය නුඹයි රැඳි මගේ නෙත් මානයේ
තවත් ළං වී පෙරදා මෙන් ආලයෙන්
එක්ව කියමු අපි අදත් ආදරෙයි පණ මෙන්.....