Sunday, October 20, 2024

සොඳුරු මාවත


මදක් රළු මේ පාලු මාවතේ
පහන් කනුවක් වෙමි ඔබේ අවසරෙන්
ඉතින් අපි පිය නගමු අදරෙන්
කඳුළු පිස දා හීන් සීරුවෙන්...


සොඳුරු දසුනකි ඔබ මේ මාවතේ
විඩා බර නෙත් සතපවා සුවයෙන්
පෑවා සෙනහස මවක් විලසින්
තුරුලට ගෙන ලයේ උණුහුමින්...


දුක් කම්කටොලු පිරි මේ මාවතේ
සවිය නුඹයි රැඳි මගේ නෙත් මානයේ
තවත් ළං  වී පෙරදා මෙන් ආලයෙන්
එක්ව කියමු අපි අදත් ආදරෙයි පණ මෙන්.....


සිත්ගත් ලිපි