සීතල වැස්සේ පාද තබා යලි
තෙමෙන්නට
හරිමින් ඉඩ වැහි බිඳු වෙත මුව අතුරා
වැටෙන්නට
සෙවණක් නැති මේ නුබ ගැබ යට
සැරිසරන්නට
නැවතත් ඒවි ද ඔබ මේ සුව
විඳින්නට...
නැති දෝ තෙත් වූවේ ඔබෙ සිත
වැස්සට
දහසක් හද හැඟුම් පා කර
හරින්නට
වියැකෙන වැහි බිඳු ‘අනියත’ බව
කියන්නට
දැරුව වෙහෙස අමතක
දෝ යලි
ඔබට...
ජීවන මගේ දුක සතුටින්
මැකෙන්නට
වැස්ස නිමා වී
හිරු යලි
නැගෙන්නට
රැයට සොමි ලෙසින්
නුබෙ හි
පායන්නට
ඒවි ද ඔබ යලිත්
මගේ ලෝ එළි
කරන්නට...

No comments:
Post a Comment