ජිවිතය තුල ඔබ
කෙතරම් දේවල් දැක අත් ද, කෙතරම් දෙවල් අත්විඳ ඇත් ද, නමුත් ඔබ එය තුල ගැබ් වූ යාතාර්ථය
කෙදිනමක හෝ සිතුවා ද, සිතීමට උත්සහා හෝ කලා ද, මා ද ඒ සඳහා දෙනු ලබන පිළිතුර සැක සහිතය. මන්ද මම ද අනෙක් සාමාන්‍ය
මිනිසුන් මෙන් කාර්ය්‍යබහුල ජීවන ගමන තුල සෑම ක්‍රියාවකම, එසේත් නැතිනම් සෑම සිදුවීමකම කුලුඳුල් සතය්‍ය සෙවීමට තරම් අපොහොසත්
වූවෙමි. නමුත් එය තවදුරටත් එසේම විය යුතු ද,අප සියලු
දෙනාම යතාර්තය මගහැරිය යුතු ද,සිතීම ඔබට බාරයි.
ඉතාමත් ඉක්මනින් යාවත්කාලීන වන සමාජය තුල මිනිසා සෑම ක්‍රියාවකම ඇති සත්‍ය එසේත් නැති නම් යාතාර්තය අනුමත කිරීමට මන්දගාමි පිලිවෙතක් අනුගමනය කරයි. එය ආර්ථික මට්ටමින් අප සියලු දෙනාටම බලාපා ඇති අයුරු බොහෝ දෙනා මේ වන විටත් නිරීක්ෂණය කර ඇති බව නොවනුමානය. නමුත් බහුතර මතය හමුවේ බොහෝ දෙනා නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබීම කනගාටුවට කරුණකි. කෙසේ වෙතත් තනිව හෝ සාමුහිකව හෝ අප දකින යතාර්තය කෙතරම් සාධරණ දැයි තීරණය කිරීම කියවන ඔබට බාරයි. මන්ද ඔබේ සැනසුම ඔබම හඳුනාගත යුතුයි, ඔබම අත්විඳිය යුතුයි සහා ඔබම වටහා ගත යුතුයි...
No comments:
Post a Comment