මදනල ලෙසින්
හමාවි මගෙ පැල්පතට
පාවඩ එලනු
විනා මහා සුළඟකට
ආවත් රැගෙන
සතුට උදුරා ගන්නට
නොදෙනිමි
කිසිත් ගෙනයන්නට මම ඔබට
නොඅයදිමි මම
යලිත් ළඟ නවතින්නට
පවසනු නැත
යලිත් පැමිණෙන්නට
නැත මම ළඟ
තවත් සනසන්නට
නෙතට කඳුලක්
නැගෙන කලකට
මැවූ සිත්
දසුන් නැත තව සරසන්නට
ලියූ කවි වදන්
නැත කන් පිනවන්නට
ගෙවූ ඒ දවස්
නැත තව එනු පවසන්නට
ඵලක් නැත තවත්
එය ගැන සිතන්නට
මොහොතින්
නැවතුනත් පෙම එක් වදනකට
නැත මම කිසිත්
පැවසුවේ ගරහන්නට
පෙරලා පැමිණි
වදන් සිත් රිදවන්නට
නැත තව මන
තුල සිහි කැඳවන්නට
යනු නිසැකයි
මිණි කැටයක් සොයන්නට
නොවටිනා
තිරුවාණා මම යැයි සිහි කරවන්නට
අගයක් නොමැති
කල සිතකට දිරි දෙන්නට
හැර යනු හොඳයි
යලි කිසිදා නොයෙන්නට

No comments:
Post a Comment